පානදුර නෝලිම්ට් සුපිරි රෙදිපිළි සාප්පුවේ ගින්නට හේතුව දැන ගැනීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රජයේනි යෝජ්‍ය රස පරීක්ෂක ඒ . වැලිඅංග මහතා ඇතුළු රස පරීක්ෂක නිලධරයෝ තිදෙනෙක් අද (23) එහි ගොස් මුළු දවසම පරීක්ෂණ කළහ.
වැඩිපුර පරීක්ෂණ සඳහා අළු හා තවත් සාම්පල ලබාගෙන ඇතැයි ද විද්‍යාගාර පරීක්ෂණයක් කිරීමට නියමිත යැයි ද ඔහු පවසයි.
පසුගිය සෙනසුරාදා (21) අලුයම ඇති වු ගින්නකින් මේ රෙදි පිළි සාප්පුව ගිනිගෙන විනාශ විය.

