අම්පාරේ දැයට කිරුළ ප්‍රදර්ශනයේ වැසිකිළි ඉදි කිරීමේ රුපියල් එක්කෝටි අනූ ලක්ෂයේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් එහි හිටපු ස්ථාන පරිපාලක ප්‍රධාන විධායක කාන්ති ගුණවර්ධනගේ දා හත් හැවිරිදි පුතාගෙන් ප්‍රශ්න කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රහස් පොලිසියට අද (21) අවසර දුන්නේය.
ප්‍රධාන සැකකරිය වන කාන්ති ගුණවර්ධන අගොස්තු 28 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මෙම තාවකාලික වැසිකිළි ඉදි කිරිමේ කෙන්ත්‍රාත්තුව ගත් බව කියන එම් එම් සරත්චන්ද්‍ර ඒකනායක ඇප මත මුදා හරිනු ලැබ සිටී.