නොවැම්බර් 5 අයවැය ඉදිරිපත් කරන්න බෑ


පාර්ලිමේන්තුවට අද (9) විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ලබන නොවැම්බර් 5 වැනි දා අයවැය ඉදිරිපත් කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය.


ඒ සඳහා මසක කාලයක් අවශ්‍ය බව ඔහු පැවසූ අතර නියෝජ්‍ය කථානායකවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව දන්වා සිටියේය.