චීන ජාතිකයින් දෙදෙනකු හා ශ්‍රී ලාංකිකයකු එකතුව පුත්තලම පරණ යකඩ මිලට ගන්නා ස්ථානයකට අලෙවි කළ නොරොච්චෝල ලක් විජය බලාගාරය සතු රුපියල් ලක්ෂ 10ක පමණ යකඩ කිලෝ 3000 ට වැඩි ප්‍රමාණයක් පුත්තලම කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු සොයා ගත්හ.
ලක්විජය බලාගාරයේ සේවය කළ සැකකරුවන් තමන්ට යකඩ තොගය අලෙවි කළ බවත් යකඩ කිලෝව රුපියල් 30 බැගින් තමා මිලට ගත් බවත් පරණ යකඩ අලෙවි මධ්‍යස්ථානයේ හිමිකරු පොලිසියට කියා ඇත.

