නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් දින 100ක් නවතයි


(යොහාන් භාසුර)

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අංක 3 ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් සඳහා ලබන ජුනි මස 13 වනදා සිට දින 100 ක කාලයක් සඳහා වසා තබන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එම කාලය තුළ කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් නොකරන බවත් තාප විදුලිබලාගාර ද ප්‍රයෝජනයට ගනිමින් විදුලි ඉල්ලුම කළමනාකරණය කර අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කීය.