පුත්තලම නොරොච්චෝලේ විදුලි බලාගාරය චීන සමාගමකට නොදෙන බව විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආච්චි මහත්මිය නොරොච්චේලේදී කීවාය.
එහි දෙවන අදියර යටතේ වන මෙගොවට් තුන්සීයක විදුලි බලය නිපදවීමේ කටයුතු 50% කින් අවසන් බවත් එහිදී ඉංජිනේරුවෝ ඇයට කීහ.
විදුලියෙන් දිනකට වන රුපියල් හත්කෝටියක පාඩුව අවම කරගැනීම සදහා විදුලි බිල ඉහල නොදමා නාස්තිය අවම කර, අරපිරිමැස්ම වැඩිකර ගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් ඇය කීවාය.