නොරොච්චෝලේ උණූසුම් ජලය සාගර සම්පත් වනසයිද


නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් නිකුත් කෙරෙන උණූසුම් ජලය හේතුවෙන් සාගර සම්පත් වලට බලපෑම් සිදුවන්නේ දැයි සොයා බැලීමට නාරා ආයතනය විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇත. ‍

එම බලාගාරයෙන් බැහැර කෙරෙන උණුසුම් ජලය අවට මුහුදු කළාපයට බැහැර කෙරෙන අතර එයින් මසුන්ට, ජලජීවීන්, පැලෑටිවලට හා සාගර පතුළට බලපෑම් සිදුවන බවට ධීවර ප්‍රජාව සහ පරිසරවේදීහු පැමිණිලි කර තිබිණි. 

ඒ අනුව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡෘවකදී මේ පිළීබඳ පර්යේෂණ ඇරඹීමට තිරණය වී ඇති අතර ඊට සහය දෙන ලෙස වයඹ පළාත් පරිසර අංශය වයඹ පළාත් ධීවර අමාත්‍යංශය, සහ ලංකා  විදුලි බල මණ්ඩලයට අමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.