නොරොච්චෝලේ ගල් අඟුරු තාප විදුලි බලාගාරයේ අදියර තුනම අක්‍රියවීම හේතුවෙන් අද සවස සිට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 900ක විදුලි සැපයුමක් අහිමි වී ඇත. නොරොච්චෝල විදුලි බලාගාරයේ පළමු හා දෙවැනි අදියර අලුත්වැඩියා කටයුත්තක් සඳහා නවතා දමා තිබිණි. තුන්වන අදියර පමණක් ක්‍රියාත්මක වෙමින් පැවති අතර අද සවස හයට පමණ තුන්වැනි අදියර ද ක්‍රියාවිරහිත වූ බව බලාගාර ආරංචි පවසයි.
මෙම එක් අදියරකින් මෙගා වොඩ් 300 බැගින් සමස්ථ බලාගාරයේ විදුලි නිෂ්පාදනය මෙගා වොට් 900කි. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකින් ඔහු කියා සිටියේ සති අන්තයේ සහ වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ දිනවල ශ්‍රී ලංකාවේ විදුලි පරිභෝජනය සාමාන්‍ය අගයට පහළ මට්ටමක පවතින බැවින් මෙම අක්‍රියවීම ජාතික විදුලි පද්ධතියට ගැටළුවක් නොවන බවයි. ඉරිදා උදෑසන එය යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි ද ඔහු කීවේය.

