නොරොච්චෝලේ තාප බලාගාරයෙන් ඉවත් කරන ගල් අගුරු කුඩු හා අළු නිසා අවට ගොවි බිම්වලට, නිවාස වලට හානි පැමිණ , පවුල් 300ක් පමණ අසරණ වී ඇති බව කියති.
මේ ගල් අඟුරු කුඩු හා අළු මහ මුහුද ආසන්නයේ ගොඩ ගසා ඇති අතර ඒවා වාරකන් කාලයට මුහුදු සුළං සමග ගොඩබිමට බිම දිසාවට ගසාගෙන එයි.
මේ නිසා තම බත් ටික උයා කෑමට පවා අසීරුවී ඇති බවත් , තම දරුවන්ගේ පාසල් ඇදුම් එළියේ වේලා ගැනීමට පවා නොහැකි වී ඇති බවත්, බලාගාරය හදන විට මේ තත්වයන් වළක්වා ගැනීමට විවිධ ක්‍රම මෙම ව්‍යාපෘතියේ අඩංගුවී තිබු නමුත් ඒවා බලධාරින් නිසි ලෙස ක්‍රියාත්මක නොකීරීම නිසා මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වන බවයි ජනතාව පෙන්වා දෙන්නේ. තම වගාවන් දිනෙන් දින හානි වන බවත්, මේ තත්වයට ඡලය ඉසීම , වැලි දැමීම වැනි තාවකාලික ක්‍රම භාවිතා නොකොට ස්ථීර විසඳුමක් නොලැබුණුහොත් ගම්වාසී විවිධ රෝගා බාධකවලට ලක්වී මිය යනු ඇතැයි ඔවුහු කියති.