නොරොච්චොලේ ද්විත්ව ඝාතනයක්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පත්මා කුමාරි කංකානම්ගේ )

නොරෝච්චෝල දළුව මින්නිය ප්‍රදේශයේ දි පවුල් ආරවුලක් මුල් කර ගනිමින් බිරිදගේ මව හා පියා කපා මරා දැමු බැණා නොරෝච්චෝල පොලිසිය මගින් ඊයේ ( 3 )  රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ නොරෝච්චෝල නාවක්කාඩු පදිංචි 24 හැවිරිදි එක් දරු  පියෙකි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දළුව මින්නිය ප්‍රදේශයෙ 38 හැවිරිදි සිරිල් ජේයසිලන් හා ඔහුගේ බිරිද වන නඩරාජා ශෂීකලා නැමති 35 හැවිරිදි දෙදෙනෙකී.

පවුල් ආරවුලක් හේතුවෙන් තම තරුණ බිරිදට පහර දීමේන් ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් සිද්ධියට අත් අඩංගුවට ගත් මෙම සැකකරු බන්ධනාගාර ගත කර සිට නැවත ඇප ලබා පැමිණ ඇති බව කියයි.

එසේ ඇප ලබා පැමිණි සැකකරු  ඊයේ දහවල්  මාමණ්ඩිගේ නිවසට ගොස්  තම කුඩා දරුවා දෙන ලෙස ඉල්ලා ඇතත් දරුවාට කිසියම් කරදරයක් කරනු ඇති බවට සැක සිති දරුවා බෑනාට ලබා දීම ප්‍රතිප්ශේෂ කර ඇති මූලික පොලිස් පරික්ෂණ වලදි තහවුරු වී තිබේ.