නෝර්වේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ කල් ඉකුත් වූ ලින්නා මසුන් කිලෝ 18480ක තොගයක් රේගු මධ්‍යම විමර්ශන අංශය මගින් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අද අත්අඩංගුවට ගනු ලැබීය.
මට්ටක්කුලියේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු විසින් ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු තොගයේ ප්‍රකාශිත වටිනාකම රුපියල් ලක්ෂ 13ක් පමණ වෙතැයි රේගුව කියයි.
මේ පිළිබඳව එම ව්‍යාපාරිකයාගෙන් හා වාප්පු ලිපිකරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.




