නොරට්ටුනට ඉඩම් විකුණන්න බෑ


රජයේ හෝ පෞද්ගලික ඉඩම් විදේශිකයින්ට විකිණීම තහනම් කිරීමේ යොජනාවකට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.මේ අනුව තෑග්ගක්,විකිණීමක්,ප්‍රදානයක් ආදී කවර ආකාරයකින් හෝ විදේශිකයෙකුට සිදුකෙරෙන ඉඩම් පවරා දීමක් මින් ඉදිරියට නීතියෙන් තහනම්ය.

විදේශීය සමාගමක සහසමාගමක් වන ශ්‍රී ලාංකාවේ පිහිටන සමාගම් වලටද මෙය බලපැවැත්වෙනු ඇත.අදාළ ශ්‍රී ලාංකික සමාගමේ විදෙස් සමාගමට අයත් කොටස් ගණන සියයට පණහට වඩා වැඩි නම් ඉඩම් පවරා ගැනීමට විශේෂ අවසරයක් ලබා ගත යුතුය.

විදේශිකයින්ට ඉඩම් ලබාගත හැකි වනු ඇත්තේ බද්දට පමණි.ඉඩම් හිමියන්ට අවුරුදු 99 ක උපරිම කාලසීමාවකට යටත්ව ඉඩම් බදු දීමට අවසරය ඇත.