කොලොම්බියා රජය සහ ෆාර්ක් ගරිල්ලන් අතරේ දශක පහක් පුරා පැවැති යුද ගැටුම් අවසන් කර, සාමය උදා කිරීමට වෙහෙසන කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව ස්විඩනයේ ස්ටොක්හෝම් නුවරදී නොබෙල් කමිටුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නිවේදනය කළේය.
නොබෙල් සාම ත්‍යාගය 2016 වෙනුවෙන්, පුද්ගලයන් සහ සංවිධාන 376 කගේ නම් ඉදිරිපත් වී තිබුණු බව නොබෙල් කමිටුව මීට පෙර සඳහන් කර තිබුණි. නොබෙල් සාම ත්‍යාගය දෙසැම්බර් 10 වැනිදා පිරිනැමීමට නියමිතය.
නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5 කි.