ලෝකය වෛද්‍ය විද්‍යාව අතින් ඉහළ ස්ථානයක පැවතුනත් වෛද්‍ය විද්‍යාවෙන් මිනිසාට ලැබෙන අවම පහසුකම්වලින් දශමයක්වත් නොලැබෙන රටවල් තිබෙන බව එක්සත් ජාතීන්ගේ ”සේව් ද චිල්ඞ්රන්” අරමුදල 2013 වාර්තාවෙන් පෙන්වා දෙයි.
මේ වාර්තාව අනුව දරු ප‍්‍රසූතිය සඳහා ලෝකයේ නරකම රට කොංගෝ සමූහාණ්ඩුව ලෙස නම්කර තිබේ.
ඔවුන්ගේ එම නිගමනය සනාථ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති මේ ඡායාරූපය ඒ අනුවේදනීය කථාව කියාපායි.
මෙය කොංගෝ ජනරජයේ තුන්වැනි විශාලතම නගරය වන මුබුජිමායි නගරයේ රෝහලක ප‍්‍රසූතිකාගාරයයි. සිමෙන්ති ගල්වලින් තැනූ කුඩා කාමරයක අඩි 6ක් දිග අඩි 5ක් පළල මේසයකි. මේ ගැබිණි කාන්තාව සිය දරුවා ප‍්‍රසූත කරන්නේ මේසය මත උඩුබැලි අතට වැතිරෙමිනි.
ජීවිතයත් මරණයත් අතර කෙරෙන මේ සටනින් දරු ප‍්‍රසූතියේදී සෑම කාන්තාවන් 30 දෙනෙකුගෙන්ම එක් අයෙක් මියයයි. උපදින සෑම දරුවන් හත් දෙනෙකුගෙන් එක් දරුවෙක් මිය යයි.