නොදුටු එළිය දෙන්න සිංහයෝ පෙරමුණේ


ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික්  306 බී 1 සිංහාධිපති රංජිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් දෘශ්‍යාබාධිතයන් 150 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පා ගමනක් සහ වියළි අහාර ද්‍රව්‍ය බෙදාදීමක් වත්තල දී සිදුවිය.

මේ වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 162ක් ලබා සමත් වූ එකම දෘශ්‍යාබාධිත සිසුවා වූ මහනුවර දොඩන්වල අඳ ගොළු බිහිරි පාසලේ පසිදු හිරන්ත ශිෂ්‍යයාට  ජා-ඇල සිංහ සමාජයේ ආර්. එල්. රාජ් කුමාර් සහ මේරියන් පෙරේරා විසින් මසකට 5000 බැගින් වසර තුනක් සදහා ශිෂ්‍යත්වයක් පිරිනැමීමද එහිදී සිදුවිය.