උතුරු එංගලන්තයේ නොටින්හැම් නුවර අලුතින් ආරම්භ කෙරුණ ශාන්ති බෞද්ධ විහාරස්ථානයේ ප්‍රාරම්භක කඨින පිංකම පසුගියදා පැවැවැත්විණී.
ලන්ඩන් නුවරින් කිලෝමීටර් 200ක් පමණ උතුරු දෙසට පිහිටි නොටින්හැම් නගරයේ සහ ඒ අවට පදිංචිව ඉන්නා ශ්‍රී ලාංකිකයින්ගේ ආරාධනයෙන් මෙම විහාරස්ථානය ආරම්භ කෙරුණේ තෙල්දෙණියේ අමිත හිමියන්ගේ මුලිකත්වයෙනි.
දවසේ සියලුම වැඩ කටයුතු සඳහා විහාරස්ථ දායක කාරකාදීන්ගේ සහ අනෙකුත් හිත මිත්‍රාදීන්ගේ පුර්ණ සහයෝගය ලැබුන බව පුජ්‍ය අමිත හිමියෝ පැවසුහ.
පිංකම අරම්භ වුයේ කඨින වස්ත්‍රය සහ අනෙකුත් පුජා භාණ්ඩ අලංකාර පෙරහරකින් ශාලාව වෙත වැඩම කරවිමෙනි.
මේ සඳහා ශ්‍රී ලාංකික පවුල්වල දරුදැරියන් ඉමහත් උනන්දුවකින් සහභාගිවී සිටියහ.
පිංකම සඳහා ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති කඹුරාවල රේවත නාහිමි, මැන්චෙස්ටර් නුවර කේතුමතී බෞද්ධ විහාරස්ථානාධිපති පිදිවිල්ලේ පියතිස්ස නා හිමි, ලේච්වර්ත් බෞද්ධ විහාරාධිපති දෙදියවෙල විමල හිමි, ලන්ඩන් හිත්රෝ අතුල දස්සන විහාරාධිපති වඳුරඹ කස්සප හිමි ඇතුළු බර්මින් මහා විහාරය, බර්මින්හැම් ජේතවන විහාරය සහ ලන්ඩන් නුවර එඩ්මන්ටන් සමාධි භාවනා මධ්‍යස්ථානය නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේ 14 නමක් වැඩම කර සිටියහ.
මේ සෑම විහාරස්ථානයකම සති අන්තයේදී ධර්මදේශනා, දාන සහ අනෙකුත් පිංකම් පවතින නිසාම බ්‍රිතාන්‍යය වැනි යුරෝපිය රටක පිංකමක් සඳහා එතරම් භික්ෂුන් වහන්සේ සංඛ්‍යාවක් වැඩමකර සිටීම සුවිශේෂී සිදුවීමකි.
වැඩමකළ මහා සංඝ රත්නය සඳහා දහවල දානය පිරිනැමූ අතර සියලුම ගිහි සැදැහැවතුන් වෙතද ආහාරපාන සපයනු ලැබිය.
කඨින පිංකමේ වැදගත්කම පිළීබඳව ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා පැවැත්වුණු අතර මෙවර කඨින චිවරය පුජාකරනු ලැබුවේ ශාන්ති විහාරාධිපති තෙල්දෙණියේ අමිත හිමියන් වෙතය.
නොටින්හැම් ශාන්ති විහාරස්ථානයේ ප්‍රථම කඨින පිංකම වැඩකටයුතු සාර්ථකව සංවිධානය කිරීමෙහිලා අනේක විධ ආකාරයෙන් උදව් උපකාර කල සහ පිංකමට සහභාගිවූ මහා සංඝරත්නයටත් සියලුම සදහවතුන්ටත් පුණ්‍යානුමෝදනා පිරිනමමින් අමිත හිමියන් විසින් අනුශාසනාව පවත්වනු ලැබිය.
කඨින පින්කමෙහි ප්‍රධාන දායකත්වය දරන ලද්දේ රවී සංජීව සහ පවුලේ සාමාජිකයින් විසිනි.