නොටින්ග්හැම් පන්සලට ලංකාවෙන් බුදු පිළිමයක්


(අචාර්ය එස්.ඩබ්ලිව්. හිරන්ත ලන්ඩන් නුවර සිට ) - ශ්‍රී ලංකාවෙන් වැඩම කරවූ සමාධි බුදු පිළිම ලන්ඩන් නුවර නොටින්ග්හැම් ශාන්ති බෞද්ධ විහාරයේ දී නිරාවරණය කෙරිණි. එම ප‍්‍රදේශයේ වාසය කරන ශ‍්‍රී ලාංකික බෞද්ධයෝද අබෞද්ධයෝද ඊට එක්වුහ. දැනට මහා බි‍්‍රතානයේ බෞද්ධ විහාරස්ථානයක වැඩ සිටින විශාලම සමාධි බුදු පිළිම වහන්සේ ලෙස මෙම පිළිමය සැලකේ. විහාරාධිපති තල්දෙනියයේ අමිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා සහ උපදෙස් යටතේ ලොබ්රෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මුදිත කරුණාරත්න සහ ග්ලෝස්ටර් හි වෛද්‍ය ඉන්ද්‍රජිත් කරුණාරත්න යන මහත්වරුන් ගේ මුල්‍ය පරිත්‍යාගයෙන් මාලබේ තලාහෙනේ මුර්ති ශිල්පී නිශාන්ත රුක්මල් හෙට්ටිආරච්චි  විසින් මෙම දර්ශනීය සමාධි බුදු පිළිම වහන්සේ නෙළිය. බර්මින්ග්හැම් හි තෙවන බෞද්ධ විහාරයේ කැප්පිටියාගොඩ ගුණවංස නායක හිමි සහ මාපලගම සෝරත හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ. අභිනව පිළිම වහන්සේ උදෙසා සවස මල් පහන් සහිත ගිලන් පස බුද්ධ පුජාව පිරිනැමීමෙන් පසුව පොසොන් පොහොය දිනයේ වැදගත් කම පිලිබදව කෙටි අනුශාසනාවකින් අනතුරුව ශ‍්‍රී ලංකා වාසි ජනතාවටත් රටටත් සෙත් පතා පිරිත් දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව පොහෝ දින වැඩසටහන නිමවිණි.