නේහා ෂර්මාට වැඩි අවධානයක්


2016-11-25-ent-16

‘තුම් බින්’ දෙවැනි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන නේහා ෂර්මාට මේ වනවිට බොලිවුඩ් සිනමාව තුළ ප්‍රේක්ෂක උනන්දුව වැඩිව තිබෙන බව සඳහන්. ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව මෙන්ම සිනමා තරුවල අවධානයද වර්තමානය වනවිට යොමුව ඇත්තේ නේහාටයි.

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ මේ වනවිටත් නේහා ෂර්මා සමගින් චිත්‍රපටයක රඟපාන්නට කැමැත්ත පළ කර ඇති බව සඳහන් වෙනවා. එමෙන්ම බොලිවුඩයේ ප්‍රවීණයා වන අමිතාබ් බච්චන් නේහා ‘තුම් බින්’ දෙවැනි චිත්‍රපටයේ ඉතා විශිෂ්ට රංගනයක නියැළෙන බව සිය ‘ට්විටර්’ ගිණුමේ සඳහන් කර තිබෙනවා.

රිතික් රෝෂන්ගේද සුබපැතුම්ද මේ වනවිට නේහා ෂර්මාට ලැබී තිබෙන අතර, බොහෝ දුරට ඉදිරියේදී රිතික් රංගන චිත්‍රපටයක සිනමා පෙම්වතිය වන්නටද නේහාට හැකිව තිබෙන බව නිල නොලත් වාර්තා සඳහන් කරනවා.

 

2016-11-25-ent-17