නේපාලයේ කත්මණ්ඩු නුවරදී භූමිකම්පාවට මුහුණදුන් සරසවි සිසුහු පිරිසක්ද එහි ගිය ක්‍රීඩා කණ්ඩායමක්ද හමුදා ගුවන් යානයකින් කටුනායකට පැමිණිය. ඒ පිරිසේ 42 ක් වූහ. තමන් නතරවී සිටි නවාතැන්වල ගොඩනැගිලි හෙල්ලෙද්දී ජීවිතය බේරාගැනීමට දවස් දෙකක් පමණ නිරාහාරව එළිමහනේ රැඳී සිටි අයුරු ඇතැමෙක් විස්තර කළහ.
ගුවන් හමුදාව ඔවුනට කෑම බීම සංග්‍රහයක්ද පැවැත්වූහ.








