නේපාලයට තවත් යානයකින් බඩු


නේපාලයේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 4195 දරණ ගුවන් යානය නේපාලයේ කත්මන්දු නුවර බලා අද උදෑසන පිටත්වන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසුවේය.

කිලෝග්‍රෑම් දාහත් දහසක් බර වියිළි ආහාර, බෙහෙත් ද්‍රව්‍ය, ජල බෝතල් ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩ රැසක්  එහි ගෙන යන බවත් ඔහු  කීවේය.

මීට අමතරව දැනට නේපාලයේ සහන කටයුතු වල නිරත ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙබළුන් 142 ක් මෙම ගුවන් යානයෙන් ආපසු මෙරටට රැගෙන ඒමට නියමිතය.

නේපාලයේ භූමිකම්පාව ඇතිවු සැනින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානයක් එහි ගොස්  එහි සිරිවී සිටි ශ්‍රී ලාංකිකයෝ පිරිසක් රැගෙන ආහ. ඉන් පසුව ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ගුවන්යානයක් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන නේපාලයට පිටත්ව ගිය අතර ඉන් අනතුරුව තවත් ගුවන් හමුදා යානයක් එහි සහන කටයුතු සදහා පිටත්ව ගියේය.