නේපාල සහන සේවයට යුද හමුදාව යැවූ බව රනිල් කියයි


ශ්‍රී ලංකා හමුදා  නේපාලයේ සහන සේවයට  ගිය බවත්, රටක් ලෙස අපේ හමුදා වෙනත් රටක ආපදා සේවයට ගිය පළමු අවස්ථාව මෙය බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) කතානායකට දැනුම් දුන්නේය.

මීට පෙර සාම සාධක සේවයට හමුදාව ගියේ එක්සත් ජාතීන් හරහා බවත්, වෙනත් රටක සේවයට හමුදා යවද්දී පාර්ලිමේන්තුවට දැනුම් දීමේ ලෝක සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බවත්, මින් ඉදිරියේ ද මෙවැනි තත්ත්වයක දී පාර්ලිමේන්තුව දැනුම්වත් කර හමුදා සේවයට යැවීමේ සම්ප්‍රදාය ක්‍රියාත්මක කළ යුතු බවත් අගමැති කීවේය.

තමන් සහන සේවා බාර ගත් පෙදෙසේ මහා මාර්ග ගිලා බැස ඇති බවත්, සහන රැගත් තවත් යානයක් බදාදා (29) කත්මන්ඩු නුවර බලා පිටත් වන බවත් අගමැති සඳහන් කළේය.

කත්මන්ඩු නුවර කොටු වී සිටින ශ්‍රී ලංකා සිසුන් ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බව ද අගමැති පැවසීය.

අගමැතිගේ කතාවෙන් පසූ නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා කීවේ නේපාලයේ සහන සේවයට යැවීමට ජපති හා අගමැති ගත් තීරණය ගැන ප්‍රශංෂා කරන බවයි.  ඊට තමන්ගේ ද සහාය ලබා දෙන බව ද ඔහු කීවේය.