නේපාල විරුවන්ට හරසර


 
 නේපාලයේ ඇති වු භූමිකම්පාවෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සදහා නේපාලයට පිටත්ව ගිය ශ්‍රී ලාංකික සහන කන්ඩායම සහන කටයුතු නිමාකොට  දිවයිනට පැමිණියේය.

පුරා දින 16 ක් තිස්සේ  සහන කටයුතු වල නිරතවී සිට පෙරලා දිවයිනට පැමිණ මෙම පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී  මහත් හරසරින් පිළිගනු ලැබීය.
 
ශ්‍රී ලාංකික සහන කණ්ඩායමට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 14 දෙනෙක්  සහ හමුදා සාමජිකයෝ  127 ක්, සිවිල් වෛදය උපදේශකවරු  4 දෙනෙක්  ඇතුලත් වුහ.  මේජර් ජනරාල් මෛත්‍රී ඩයස්  එහි  අණ දෙනා නිලධාරීයා වශයෙන් කටයුතු කල අතර බ්‍රිගේඩියර් ජගත් ගුණවර්ධන නියෝජ්‍ය අණ දෙන නිලධාරීයා විය.

නේපාලයේ භූමි කම්පාව ඇති වු සැනින්  නේපාලයට ලගා වු පළමු  විදේශීය සහණ කන්ඩායම් තුන අතරට ශ්‍රී ලංකාවද ඇතුලත්  විය.

නේපාලයේ භූමිකම්පාව ඇති වු සැනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ සම්බන්ධීකරනයෙන් එහි සහන කටයුතු සඳහා  ශ්‍රී ලංකා සහන කන්ඩායම පිටත්කර  යැවිණි.

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ඊ.එම්.එම්  අඹන්පොළ, විධායක අධිකාරී  මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ,  යුධ හමුදා ලේකම්  මේජර් ජනරාල් මහේෂ් සේනානායක, යුධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්,  මේජර් ජනරාල් සංජීව මුණසිංහ, ප්‍රධාන ක්සේත්‍ර ඉංජිනේරු  මේජර් ජනරාල් එන් වික්‍රමසුරිය,  අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජනරාල් බී.ඒ  පේරේරා, මෙහෙයුම් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එම් මුදන්නායක, මෙහෙයුම් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න, ජනමාධ්‍ය අධ්‍යක්ෂක  බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර යන මහත්වරුන් අතුළු  ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම පිරිස පිළිගැනීම සඳහා ගුවන්තොටුපලට පැමිණ සිටියහ.

 3 4

NEPAL-2 NEPAL-3 NEPAL-4 NEPAL-5   NRPAL-1