නේපාල අලුත් අගමැතිනියට ජනපතිගෙන් සුබ පැතුම්


(අංජුල මහික වීරරත්න)

නේපාල අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය  ධුරයට පත්  සුෂිලා කාර්කි මහත්මියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

ජනාධිපතිවරයා මෙම සුබ පැතුම පළ කර ඇත්තේ සිය X ගිණුමේ සටහනක් තබමිනි.

 සුෂිලා කාර්කි මහත්මියගේ නායකත්වය යටතේ  නේපාලයේ ස්ථීර සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපතිවරයා තැබූ X සටහනේ සඳහන්ය.