ගාල්ලේ නෙළුව අතු ගංගාවල මහා පරිමාණයෙන් වැලි ගොඩ දැමීම නිසා ජෛව පද්ධතියට දැඩි හානි සිදුවී ඇති බවත්, වැලි ජාවාරමට පොලිස් නිලධාරීන් ද අනුබල දෙන බවත් දිස්ත්‍රික් වාරි ඉංජිනේරු දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය පැවසුවාය.
ඇය මේ බව කීවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදීය.
නෙළුව ප්‍රාදේශීය ලේකම් ජනක ගුරුසිංහ මහතා පැවසුවේ වැලි ගොඩ දැමීමට පොලිසියේ විරෝධතාවක් නොමැති බව වැලි ගොඩදමන්නන් පවසන බවයි.