කතරගම කිරි වෙහෙරට පූජා කැරුණු නෙළුම් මල්වලින් තම ජීවිතය ගැට ගසා ගන්නා පවුලක් කතරගම සිටී.
කතරගම ගෝතමී ගම පදිංචි ආර් ලෙච්චමී නැමැති තිදරු මව, දරුවන්ද තම මවද පෝෂණය කරනුයේ කිරිවෙහෙරට සැදැහැවතුන් විසින් පූජා කරනු ලබන නෙළුම් මල්වල රේණු එකතු කර වේලා බෙහෙත් කඩවලට විකිණීමෙනි.
අවුරුදු පහක පමණ කාලයක සිට මෙම ජීවිකාව කරගෙන යන බවත් නෙළ්ම් රේගු කිලෝවක් රුපියල් දෙසීය බැගින් සිංහල බෙහෙත් කඩවලට විකුණා ගත හැකි බවත් ඇය කියන්නීය.
දිනපතා උදෑසන හත පමණ වන විට කිරිවෙහෙරට පැමිණ සවස 3 දක්වා ඉවත ලන නෙළුම් මල්වල රේණු එකතු කිරීමට ඇයට දරු දෙදෙනාද සහාය වෙති.
‘අපි උදේම පන්සල ළඟට එනවා. චෛත්‍ය පුටුලසට පරවෙන මල් ඔක්කොම ගෙනත් දානවා. ඒ මල්වලින් තමයි අපි පවුලම ජීවත් වෙනේනේ. ළමයි ටික ඉස්කෝලේ යවන්නෙත් මේ ආදායමෙන්. ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටරෙන් ඇවිත් විසිකරපු මල් පටෝගෙන යනවා. ඊට කලින් අපි රේණු ටික එකතු කර ගන්න ඕනෑ.‘