නෙළුම් පොකුණ නෙළුම් විලක්ම වේ


චීන රජයේ තෑග්ගක් ලෙස  ශ්‍රී ලංකාවට ලැබුණු නෙළුම් පොකුණ රඟහලේ දී  අද (15) රැස් වු ඩැඩි දෙනා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ  නිදහස ලැබු රටවලින් සපැමිණියේය.

තදින් හිරු නොපායා තිබියදී ,සිහිල් සුළං රැළි වලට හසු වු  ධජ පතාක ලතාවට ලෙළ දෙද්දී,  විචිත්‍ර ඇදුම් වලින් සැරැසුණ යෞවන යෞවනියන්  දේශිය  සංස්කෘතියේ  ලක්ෂණ උපරිම   ලෙස විදහා පෙන්වද්දී, බිමින් රතු පලසින් ද අවට තුරු ලතාවලින්  නිල් හා කොළ පැහැයෙන් ද පරිසරය වර්ණවත් කරද්දී , ශ්‍රී ලංකාවේ මෑත යුගයේ මහා මංගල්‍ය සේ සැළකෙන පොදු රද මඩුළු රාජ්‍ය නායක සමුළු නායකයෝ එහි එන්නට වුහ.

කැනඩාව , මුරුසිය  පමණක් සමුළුව වර්ජනය කළේය.ඉන්දියා අගමැති මන් මෝහන් සිං නොපැමිණි නමුත් විදේශ ඇමැති පැමිණියේය.

2009 දී ත්‍රිවිධ හමුදාව හා පොලීසිය තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ ජයග්‍රහණයේ තවත් සළකුණක් සේ ශ්‍රී ලංකාව මේ සමුළුව හඳුන්වයි .එහෙත්  ශ්‍රී ලංකාවේ පරණ හාම් පුතා වන බ්‍රිතාන්‍යය ද ඕස්ට්‍රේලියාව හා තවත් සාමාජිකයෝද ශ්‍රී ලංකාව දෙස වපරැසින් බලයි.

දකුණු ඉන්දියා කෙළවරේ පිහිටි ශ්‍රී ලංකාවේ  දෙකෝටි දස ලක්ෂයක් වන  ජනතාවගේ  ප්‍රධාන මුලික අයිතිය වන ජීවත්වීමේ අයිතිය සලසා දෙන බව සමුළුවේ ඉදිරි දෙවසරේ නායකයා වන මහින්ද රාජපක්ෂ ජනපති සාඩම්බර ලීලාවෙන් කියා සිටියේය.

ශ්‍රී ලංකාවට සමුළු සභාපතිත්වය භාර දෙන ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබට් පැවසුයේ  අපදා සහිත වකවානුවකින් නැඟී සිටීමට උත්සාහ ගන්නා ශ්‍රී ලංකාව ට අදුරු යගය අවසන් කිරීමට දකුණු අප්‍රිකාවෙන් හා අයර්ලන්තයෙන් පාඩම් උගෙන ගත හැකි බවයි.

ඔහු ද බ්‍රිතාන්‍ය අගමැති ද තවත් නියෝජිතයෝ ද වක්‍ර මාර්ග වලින් පැවසුයේ  ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී  සම්මත කැර ගත් ප්‍රඥ්ප්තියට සාමාජික රටවල් ගරු කළ යුතු බවයි. මානව හිමිකම් සුරැකීම එහි හරයයි.

‘අප ශ්‍රී ලංකාවට පැමිණියේ තීන්දු  දෙන තරමටම  ප්‍රසංශා කිරීමටයි’

ශ්‍රී ලංකාව බොහෝ අපදා වලට මුහුණ දුන් රටක් බව සිය මව දෙවැනි එළිසබෙත් රැජින නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිතයා  කාගේත් නෙත් සිත් ඇදගත් චාල්ස් කුමාරයා ප්‍රකාශ කළේය.