නෙළුම් පොකුණ තවත් ලස්සන වෙයි


සම්ප්‍රදායික සුදු ජාතික ඇඳුමෙන් හා කුරහන් සාටකයෙන් සැරසී, ශිරන්ති රාජපක්ෂ ආර්යාව ද සමග මහින්ද රාජපක්ෂ ජනපති අද පෙරවරු 9.15ට නෙළුම් පොකුණට පිවිසි අවස්ථාවේ දි මු ජයරත්න අගමැති විසින් පිළිගැනිණි.

පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේශ් ෂර්මා ඊළඟට පැමිණියේය.

විදේශ නායකයෝ ද පිළිවෙළින් එන්නට වූහ. රතුපලස මත දී ජනපති ඔවුන් පිළිගත්තේය.

නෙළුම් මලක හැඩය ගත් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 53 ක කොඩි වලින් සරසා තිබිණි.

ශ්‍රී ලංකාවේ කලාව, සංස්කෘතිය හා දේශීය උරුමය විදහා දක්වන අංගෝපාංගවලින් රඟහල පෙදෙස මනස්කාන්ත විය.

සෞම්‍ය කාලගුණයක් ද පැවතියේය.

සියලු ආරාධිතයන් පැමිණි පසු පෙරවරු 10.15ට පමණ සමුළුව විවෘත වීමට නියමිතය.