නෙස්ටොමෝල්ට් මිනි මැරතන් තරග ජය අජිත් බණ්ඩාරට - දම්මිකාට


කුලියාපිටියේ දී පැවැති නෙස්ටොමෝල්ට් මිනි මැරතන් තරග මාලාවේ පිරිමි විවෘත තරගයේ ජය අජිත් බණ්ඩාරට ද කාන්තා විවෘත තරගයේ ජය දම්මිකා  මල්කාන්ති වීරක්කොඩිට ද හිමි වූහ. කුලියාපිටිය තරගාවලියේ ශූරයා වූ යුද හමුදාවේ අජිත් බණ්ඩාර පළපුරුදු මැරතන් ධාවකයකු වන අතර ඔහු ජාතික මැරතන් හා මාර්ග ධාවන තරග රැසක ජයග‍්‍රාහකයෙකි. තරගාවලියේ ශූරිය වූ දම්මිකා මල්කාන්ති මීට පෙරත් නෙස්ටමෝල්ට් මැරතන් තරග මුල් පෙලේ ජයග‍්‍රහණ ලද ක‍්‍රීඩිකාවකි. නෙස්ලේ ලංකා සමාගම දිවයින පුරා සංවිධානය කරන මිනි මැරතන් තරග මාලාව යටතේ පැවැති මෙම තරගාවලියේ වයඹ පළාත් පාසල් සිසු සිසුවියන් සඳහා විවෘත වූ කිලෝමීටර් 10ක් දුරැති මිනි මැරතන් (බාලක බාලිකා) තරගමාලාවට සිසු සිසුවියෝ 1500ක් පමණ සහභාගි වූහ. විවෘත පිරිමි හා කාන්තා මිනි මැරතන් තරගාවලියේ දුර කිලෝමීටර් 21ක් විය. ඒ සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 400කට ආසන්න පිරිසක් සහභාගි වූහ. ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා රුපියල් 20,000 සිට මුදල් තෑගි 10 වැනි ස්ථානය දක්වා ප‍්‍රදානය කෙරිණි. කුලියාපිටිය කාර්මික විදුහල් ක‍්‍රීඩාංගනය අසලින් ආරම්භ වූ මෙම මිනි මැරතන් තරග කුලියාපිටිය නගරය ආශ‍්‍රිතව පැවැත්වුණි. එය නැරඹීම සඳහා අතිවිශාල පිරිසක් සහභාගි වී සිටියහ. කුලියාපිටිය නියෝජ්‍ය පොලිස්පති රවී විජයගුණවර්ධන, නෙස්ලේ ලංකා සමාගමේ උපසභාපති බන්දුල එගොඩගේ යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

තරග ප‍්‍රතිඵල

කාන්තා - විවෘත 1. දම්මිකා මල්කාන්ති වීරක්කොඩි (පොලිස් - පැය 1 විනාඩි 24 තත්පර 75) 2. දිස්නා මල්කාන්ති (ගුවන් හමුදාව - 1.27.35) 3. රුවනි නිසංසලා  (ගුවන් හමුදාව - 1.27.35) 4. වී, ක‍්‍රිෂාන්ති (මහනුවර - 1.28.15) 5. වී.ජී.එන්.ඞී. වික‍්‍රමසිංහ (කුරුණෑගල - 1.30.31) 6. ආර්.එන්.ඒ. දිල්හාරි (ගුවන් හමුදාව - 1.30.47) 7. මල්ලිකා චන්ද්‍රකාන්ති  (පොලිස් - 1.33.44) 8. චතුරිකා දිල්හානි (පූගල්ල - 1.55.16) 9. අචිනි රතිෂා පියුමන්ති (මීගමුව - 2.05.57) 10. ඩබ්.කේ. රත්නකුමාරි (නුගේගොඩ - 2.10.52)   පිරිමි - විවෘත 1. අජිත් බණ්ඩාර (යුද හමුදාව - පැය 1 විනාඩි 08 තත්පර 12) 2. ජී.කේ.කේ.එස්. ගුණසේකර (ගුවන් හමුදාව - 1.08.48) 3. ගයාන් චතුරංග (ගුවන් හමුදාව - 1.09.06) 4. අසේල බණ්ඩාර (මහනුවර - 1.10.43) 5. කැලූම් ධර්මරත්න (ගෝල්ඞ් ස්ටාර් - 1.11.24) 6. ගයාන් මදුශංක (ජේ.ආර්. ජයවර්ධන - 1.11.57) 7. අසංක පේ‍්‍රමලාල් (යුද හමුදාව - 1.13.14) 8. රුවන් ජානක (කුරුණෑගල - 1.13.29) 9. එස්.ඒ.ඩබ්. රූපසිංහ (කුරුණෑගල - 1.13.38) 10. ඞී.එම්.පී. බණ්ඩාර (යුද හමුදාව - 1.13.59)   පාසල් බාලිකා 1. නිෂාන්ති දිල්හාරි (කුලියාපිටිය මැදි විදුහල - විනාඩි 37 තත්ත්පර 09) 2. මනීෂා ඉෂානි (කුලියාපිටිය මැදි විදුහල - 41.20) 3. අමිත් මල්ෂාන් (කුලියාපිටිය මැදි විදුහල - 41.30) 4. ඩිල්ෂාන් විජයපතිරණ (ආණමඩුව මහ විදුහල - 41.47) 5. නිලූකා ප‍්‍රියදර්ශනී (කුලියාපිටිය මහ විදුහල - 43.02)   පාසල් බාලක 1. පී.ඒ. අජිත් කුමාර (පරාක‍්‍රමබාහු ජනාධිපති විදුහල - විනාඩි 35 තත්පර 26) 2. අසේල සඳරුවන් (පුත්තලම බණ්ඩාරනායක මහා විදුහල) 3. ප‍්‍රදීප් කුමාර ජයකොඩි (නක්කාවත්ත ජාතික පාසල - 35.54) 4. ගාමිඳු  සංජුල (කුලියාපිටිය මැදි විදුහල - 36.19) 5. නිෂාන් ප‍්‍රියංග (බෝපිටිය මහ විදුහල - 36.37) කුලියාපිටියේදී පැවැති නෙස්ටොමෝල්ට් මිනි මැරතන් තරග මාලාව ආරම්භ වූ අයුරු විවෘත මිනි මැරතන් තරගයේ ශූරයා අජිත් බණ්ඩාර, ශූරිය දම්මිකා මල්කාන්ති නෙස්ලේ ලංකා සමාගමේ උපසභාපති චන්දන ප‍්‍රනාන්දු හා ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ  උප සභාපති පේ‍්‍රමා පින්නවල යන මහත්වරුන් සමග