
( ෂේන් සෙනෙවිරත්න )
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීම සඳහා පූඩලුඔය සිට බැතිමතුන් රැගෙන ආ බස් රථයක් අනතුරට ලක් වීමෙන් එහි රියදුරු ඇතුළු 37 දෙනකු තුවාල ලබා එක් අයෙකු මිය ගොස් බව පේරාදෙණිය පොලීසිය කියයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ පහළගෙදර සුගතපාල (79) නැමැති පූඩලුඔය හාල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
අනතුරින් තුවාල ලැබූ 35 දෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර බරපතල තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .

