නෙප්චූන් ග‍්‍රහයාට අයත් චන්ද්‍රයෙක් අහම්බෙන් හමුවෙයි


අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ කෙළවර පිහිටා ඇති නෙප්චූන් ග‍්‍රහයාට අයත් කුඩා චන්ද්‍රයකු සොයා ගැනීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ විද්‍යාඥයෝ පිරිසක් පෙරේදා (15) සමත්වූහ.
එම සොයා ගැනීමත් සමඟ නෙප්චූන් ග‍්‍රහයාට අයත් චන්ද්‍රයන් ගණන 14 තෙක් ඉහළ යන බව ද විද්‍යාඥයෝ පවසති.
විද්‍යාඥයන් මෙම ඉතා කුඩා චන්ද්‍රයා දකින්න ලැබී ඇත්තේ හබල් දුරේක්ෂයේ ආධාරයෙන් මීට වසර 10 කට පෙර නෙප්චූන් ග‍්‍රහයාගේ ගත් ඡායාරූප යළි පරීක්ෂා කරද්දීය. එය අහම්ඹෙන් සිදුවුණු සොයා ගැනීමක් යැයි ඔවුහු පවසති.