දැරණියගල නූරියවත්තේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් මාධ්‍ය සමග කතා කළ අයගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය යොදාවා ඇතැයි වතු සේවකයෝ කියති.
මේ නිසා ඔවුහු බිය වී සිටිති.
අවිස්සාවේල්ල පොලිසියෙන් පැමිණ ප්‍රශ්න කළ බවද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් ලංකාදීප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතාගෙන් විසූ විට පැවසුයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් එහි පරීක්ෂණ පවත්වන බවයි.
මේ ගැන අවිස්සාවේල්ල පොලිස් අධිකාරීගෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයි ද ඔහු කීවේය.