නූරිවත්ත ඝාතනයේ තව හතරක් පාපොච්ඡාරණයට සැරැසෙති


දැරණියගල නූරිය වතු අධිකාරී නිහාල් පෙරේරා ගාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිව් දෙනකු රහසිගත ප්‍රකාශ දීමට කැමැති බව අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අනුශ්ක සෙනවිරත්න මහතාට අද දැන්වූහ.

ලබන 12 සහ 13 දිනවල එම ප්‍රකාශ කිරීමට ඉඩ දිය හැකි බව මහේස්ත්‍රාත් දැන්වීය.

ඇඹිලිපිටියෙන් හා අඟුණකොල පැලැස්සෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 18 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

අනිල් චම්පික විජේසිංහ (අතකොටා) ඇතුළු සැකකරුවෝ 23 දෙනෙක් දැනට සිටිති.

වැඩිදුර විභාගය ලබන 23 වැනිදාට කල් තැබිණි.