දරණියගල නූරිය වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනයේ තවත් සැකකරුවකු වන දිනේෂ් චතුරංග (පැතුම්) හදුනා ගැනීමට අවිස්සාවේල්ල උසාවියේදී සාක්කිකරුවෝ හය දෙනෙක් සමත් වූහ.
තරිඳු ධනංජය හදුනා ගැනීමට කිසිවකුටත් නොහැකි විය.
අනිල් චම්පික විජේසිංහ අතකොටා ඇතුළු සෙසු සැකකරුවෝ 21 දෙනා අද ඉදිරිපත් කරනු නොලැබූහ.
දිනේශ් හා ධනංජය ලබන 23 වැනිදා තෙක් අවිස්සාවෙල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ජී එච් ඒ සෙනවිරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

