දැරණියගල නූරිය වතු යායේ අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය සම්බන්ධ සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින සිදම්බරම් පලනි අණ්ඩි අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අනුශ්ක සෙනවිරත්න මහතා ඉදිරියේ පෙරදින සවස රහස් ප්‍රකාශයක් කළේය.
ඒ සඳහා ඔහුට පැයක් පමණ ගත විය.
පලනි අණිඩි සෙසු සැකකරුවන්ගෙන් වෙන් කර තබන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.
ඔහු ද, දැරණියගල හිටපු ප්‍රාදේශීය සභාපති අනිල් චම්පික විජේසිංහ ඇතුළු සෙසු සැකකරුවෝ ද ලබන දෙවැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

