නූපන් බබාත් අම්මාත් දෙන්නාම මරුට


ඉහළ බෝපේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිණී ගැබිණි මවකට දුන් එන්නතකින් පසු අසාධ්‍ය තත්ත්වයෙන් හෝමාගම රෝහලට ඇතුළු කළ නමුත් ඇය මිය ගිය බව  රෝහල් ආරංචි කියයි.

නිවුන් දරුවන් දෙදනකුගේ මවක වන 35 හැවිරිදි මෙම කාන්තාව ගබිසාවක් කැර ගැනීමට ගියේ දැයි සැකයක් පවතින බව පොලීසිය පවසයි.

වෛද්‍ය මධ්‍යස්ථානයේදී පසුගිය පළමුවැනිදා ඇයට එන්නතක් දී ඇතැයි ඉන්පසු  ඇයට අමාරු වී ඇති බවත් එම මධ්‍යස්ථානයෙන් ඇය රජයේ රෝහලට යවා ඇති බවත් දැන ගන්නට ඇත.

රජයේ රෝහලේ වෛද්‍යවරුන් ඇගේ ජීවිතය බේරා ගැනීමට ගත් උත්සාහය අසාර්තක වී ඇත.දැඩි සත්කාර ඒකකයට ද ඇතුළු කළ නමුත් මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයාගෙන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා ඔහුට පොලීසියට පැමිණෙන ලෙස දන්වා තිබෙන නමුත්  ඔහු නොපැමිණි නිසා නීතී මගින් කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.