නූපන් දරුවන් මරණ බෙහෙත් පෙති හාරසීයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර මිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයෙකු කටුනායකදී රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.
සැකකරු නිතර නිතර ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කරන ව්‍යාපාරයෙකි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක රුවන් පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල් සහ එම්.ඩබිලිව්.ඒ.ටී.එම් විජේසූරිය යන නිලධාරීන් විසින් සිදු කරති.