නූතන මූසිල පෝරකයේ


තම ගුරුවරියගේ ගෙදර හොරකමකට ගොස් ඇයට වෙඩි තබා මැරූ ගෝලයෙක් මාතර මහාධිකරණයේදී අද (29) පෝරකයට නියම විය.

මාතර, කෝමංගොඩ මල්කාන්ති රාජපක්ෂ යාපා (52) ගුරුවරියගේ ගෙය බිඳීමට 2005 දී ගිය ඇගේ සිසුවකු වන බී.ජී.මහේන්ද්‍ර ප්‍රදීප් කුමාර (32) මෙම දඬුවම ලැබීය.

ගෙයි බඩු සොරකම් කරද්දී ගුරුවරිය ඇගේ ගෝලයා අඳුනාගැනීම නිසා වෙඩි තබා ඇය මරා දැමූ බව නඩුවේදී කියැවිණි.