නුවරඑළියේ පාසල් හෙට සහ අනිද්දා වහයි


(ආර්.එෆ්.එම්.සුහෙල් සහ රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සහ අනිද්දා වසා දැමීමට තීරණය කළ බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කියයි .

නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් පාසල් අවට හා පාසල්වලට පැමිණෙන මාර්ගවල ඇති ආපදා තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමින් මව්පියන් රැසක් නුවරඑළිය දිසාපතිවරයාගෙන් කළ ඉල්ලීම පරිදි මෙම තීරණය ගෙන ඇත.

නුවරඑළිය දිසාපති දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා  මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමට පිළිතුරු වශයෙන් හෙට සහ අනිද්දා දිනයන්වල නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල් සියල්ල වැසා දැමීමට මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත කටයුතු කළ බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලසන්ත අබේරත්න මහතා පවසයි.

වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ දෙනු ලබන මෙම නිවාඩු දින දෙක සඳහා ඉදිරියේදී ඉලව් දින දෙකක් සති අන්තයේ පාසල් පවත්වන බවයි .