
(අංජුල මහික වීරරත්න)
නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු සැපයුමේ හිඟයක් නැතැයි නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී නිලධාරීහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුම් දුන්හ.
නමුත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු හිඟ බවට මෙන්ම මිල ගණන් ඉහළ ගොස් ඇති බවට පළවන අසත්‍ය පුවත් නිසා දෛනික එළවළු ඉල්ලුමෙහි අඩු වීමක් නිරීක්ෂණය වන බව නිලධාරීහු පැවැසූහ.
ආපදාවෙන් වගා හානි සිදුවුවද නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාල එළවළු අස්වැන්නෙහි අඩු වීම 25%ක් පමණ වන බව පෙන්වා දුන් නිලධාරීන් කියා සිටියේ දෛනික එළවළු සැපයුම නුවරඑළිය දිස්ත්‍රික්කයට සිදුකළ හැකි බවයි.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කීවේ අයහපත් කාලගුණය නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා හෙක්ටයාර් 1421කට හානි සිදුව තිබෙන අතර, ගොවීන්ට කඩිනමින් වන්දි ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සිදුව තිබෙන හානිය සොයා බැලීම සහ ඊට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.

