නුවරඑළියේ 75ක් මරුට 62ක් අතුරුදන්


(ආර්.එෆ්.එම්.සුහෙල් )

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන්  75 ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 62 ක් අතුරුදන්ව තිබේ. 

නුවරඑළිය දිස්ත්‍රික්කයේ  පවුල් 2691 ක පුද්ගලයින් 12304 ක් අයහපත් කාලගුණය හේතුවෙන් පිඩාවට පත්ව තිබේ.

විපතට පත් පවුල් 1914 ක පුද්ගලයන් 8654 ක් සුරක්ෂිත මාධ්‍යස්ථාන 61 ක රදවා ඇත.මෙම තොරතුරු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි දෙන්නකෝන් මහත්මිය අප කළ විමසුමට අදහස් දක්වමින් කියා සිටියේය .