නුවරඑළියේ අක්කර අටක් දහයක් ඇත්නම් ඉන් කොටසක් ඉඩම් නැති දුප්පතුනට දීමට ලෑස්තිවී සිටින්නැයි රාජ්‍ය කලමණාකරණ ප්‍රතිසංස්කරණ ඇමැති නවීන් දිසානායක මහතා කියයි.
රුවන් එළිය ශ්‍රී ලක්නාලෝක පිරිවෙනේ දී ඉඩම් බලපත් දීමේ උත්සවයක් අමතමින් ඔහු පැවසුවේ නුවරඑළියේ හරකුන් වෙනුවෙන් ලොකු ඉඩම් ඇතත් දුප්පතාට ඉඩම් නැතැයි කී ඔහු එය කෙතරම් දුරට සාධාරණදැයි ප්‍රශ්න කළේය.
ඉඩම් නැති නුවරඑළියේ සියලු දෙනාට ඉඩම් දෙන බව ද ඔහු කීවේය.
‘විශාල ෆාම්වල හරකුන්ට ඉඩම් තිබෙනවා. මිනිසුන්ට ඉඩම් නෑ. වැදගත් මිනිසුන් ද හරකුන්ද? මා ඉන්නේ ඉඩම් හිමියන්ගේ පැත්තේ නොවෙයි. දුප්පතාගේ පැත්තෙයි.‘