මධ්‍යම පළාතේදී කසළ තේ ගෝනි අසූවක් රැගෙත් ලොරි දෙකක් අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ගිය පොලිස් ජිප් රියට මග හරස් කර එම ලොරි පැහැරගෙන ගිය බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච් එන් බී අඟුනාවල මහතාට වාර්තා කිරීමෙන් පසුව පේරාදෙණිය, කඩුගන්නාව හා මහ නුවර පොලිස් බළ ඇණි වහාම කැඳවා ලොරි දෙක සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මැර කල්ලියේ තවත් පස් දෙනකු සොයන බවත් ඔවුන් උඩු නුවර, වෙලන්බඩ, දිවුලගල, ගෙලිඔය හා බූවැලිකඩ බව පොලීසිය කියයි.