නුවර පාරට ආ විරෝධතාකරුවන්ට ප්‍රහාරයක්


රතුපස්වල ළිං ප්‍රශ්නයට විසඳුම් ඉල්ලා විරෝධය පළ කරමින් කොළඹ මහනුවර මාර්ගය බැලුම්මහර හංදියේ අවහිර කළැයි ගැමියට මින් මදවේලාවකට කලින් ප්‍රහාරයක් එල්ල විය.

මාධ්‍යවේදින් දෙදෙනෙක් ද තුවාල ලදහ.

පාරෙන් ඉවත් වන ලෙස කළ ඉල්ලීම නොසළකා හැරීම නිසා යුද හමුදාවේ බව කිය පිරිකගෙන් ප්‍රහාරයක් එල්ල වූ බවත් ඊට සහභාගී වූවෝ කියති.

 යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේදී මේ ගැටළුව ගැන රැස්වීමක් පැවැත්වෙන බවයි.

එලෙස තිබියදී නුවර පාර හරස් කරමින් විරෝධය පෑම නීති විරෝධී බව ද ඒ මහතා පැවසීය.