නුවර එළියෙ ඉඩම් ගන්නෙ බලාගෙනයි


මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරියේ හෝ නුවර එළිය මහ නගර සභාවේ අවසර නැතිව නුවර එළිය ඉහළ වැව පාරේ අක්කර 14ක ඉඩමක් කැබලි කර විකිණීම වහා නතර කරන ලෙස නුවර එළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා නුවරඑළිය දිස්ත්‍රික් පරිසර කමිටුවේදී අද නිලධරයනට උපදෙස් දුන්නේය.

නුවර එළියෙන් ඉඩමක් ගන්නට ‍පෙර එම ආයතනවලින් විමසන ලෙස ද දිසාපති කීවේය.

මාර්තු මැද සිට පිදුරුතලාගල කඳුමුදුන දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයනට අවසර දෙන නමුත් එහි සංවේදී පරිසරයට හානි සිදුවෙතොත් එම අවසරය අවලංගු කිරීමට සිදුවෙතියි දිසාපති කියයි.