දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කර ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාළ සිදු කළැයි සැක පිට තවත් සැකකරුවකු ලබන 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි අවිස්සාවේල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඩී එම් ඒ සෙනවිරත්න මහතා නියෝග කළේය.
සැකකරු එදින හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටද නියමිතය.
බුලත්කොහුපිටිය පොලීසිය සැකකරු අද කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.