දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා මරා දැමී යැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් විසි එක් දෙනා හදුනාගැනීමේ පෙරට්ටුව අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ජී එච් ඒ සෙනවිරත්න මහතා විසින් ලබන 29 වැනිදා තෙක් කල් තබනු ලැබීය.
සාක්කි කරුවන් අසනිපයෙන් පසුවීම ඊට හේතුවයි.
දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසේකර හෙවත් අත කොටා ඇතුළු සැකකරුවෝ දැඩි ආරක්ෂාව සහිතව අධිකරණයට රැගෙන එනු ලැබ සිටියහ.