දැරණියගල නුරි වත්තේ මුනියන්ඩ් සෙල්ලම්මා මහත්මියට මරණිය තර්ජනය කළැයි එම වත්තේ කදිර හෙට්ටිගේ ස්වර්ණලතා හෙවත් කසිප්පු සිරියා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් ඩී එම් ඒ සෙනෙවිරත්න මහතා නියෝග කළේය.
කසිප්පු සිරියා සෙල්ලම්මාගේ ලයිම් කාමරයට සෙනසුරාදා (20) ඇතුළු වි බැන වැදී මරණිය තර්ජන කළැයි සැරයන් විජේතිලක මහතා අධිකරණයට කරුණු දැක්වීය.
නුරි වත්තේ අධිකාරී නිහාල් පෙරේරා මහතා පසුගිය ජුලී 05 වැනිදා කපා කොටා මරා දැමීමෙන් පසුව නුරි වත්තේ පාලනය බිද වැටුණේය.
පොලිස් විශේෂ කාර්ය බළකාය මෑතදී එහි ගොස් යළි තත්ත්වය පාලනය කිරීම ඇරැඹ්ය.
නිහාල් පෙරේරා මහතා මරා දැමී යැයි සැක පිට 19 දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති. ඒ අතර කසිප්පු සිරියාගේ ලොකු පුත් අමිල විජේ සිංහ හා තවත් පුත්තු දෙදෙනෙක්ද වෙති.
දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටාද රිමාන්ඩ් භාරයේ පසු වේ .
කසිප්පු සිරියා අතකොටාගේ සහෝදරයාගේ බිරිය බවද පොලීසිය අධිකරණයට දැන්විය.
ස්වර්ණලතා (කසිප්පු සිරියා) වෙනුවෙන් නීතීඥ සදලාල් විජේන්ද්‍ර මහතා පෙනී සිටියේය. වතු අධිකාරිවරයා ඝාතනය සම්බන්ධ සැකකරුවන් ලබන 24 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

