නුගේගොඩට එන්න එපා යැයි හිටපු ජනපති ආණ්ඩු පක්ෂයේ අයට කියයි


 ලබන 27 වැනිදා නුගේගොඩ දී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති රැලියට ආණ්ඩු පක්ෂයෙන් පිරිසක් එකතුවීමට සිටි  නමුත් පවතින තත්ත්වය අනුව එසේ නොකරන්නැයි තමා ඉල්ලා සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අද (24) පැවසීය.

මේ වනවිට විමල් වීරවංශ මහතා සිරගත කොට ඇති බවත්  ඔවුන්ට ද විවිධ බාධා එල්ලවීමට ඉඩ ඇති බැවින් එසේ නොකරන්නැයි තමන් ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

IMG_3308 IMG_3320