නෙත් ත්‍ඵ ගුවන් විදුලිය සංවිධානය කරන ‘අයස්කාන්තය නීලා සමඟ තරු දරු රැයක්’ ගී ප‍්‍රසංගය දෙසැම්බර් මස 10 වැනි දින පස්වරු 6.30ට කොළඹ 07, නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.
මෙහිදී ප‍්‍රවීණ ගායන ශිල්පී විශාරද නීලා වික‍්‍රමසිංහ සමඟ ප‍්‍රවීණ ගායකයන් 4 දෙනකුගේ දරුවන් 4 දෙනෙක් ගීත ගායනා කරති. ඒ රූකාන්ත ගුණතිලකගේ දියණිය වන රයිනි චාරුකා ගුණතිලක, අමල් පෙරේරාගේ පුත් දීමාල් පෙරේරා, ප‍්‍රියංකර පෙරේරාගේ පුත් ඩිල්මිත් පෙරේරා හා සංගීත් වික‍්‍රමසිංහගේ පුත් සනුක වික‍්‍රමසිංහයි. මෙම ගී ප‍්‍රසංගයේ සංගීතය සංගීත් විජේසූරිය ප‍්‍රමුඛ ‘වායෝ’ සංගීත කණ්ඩායමෙනි. කටහඩට මුල් තැනක් දෙමින් පවත්වන මෙම ප‍්‍රසංගයේ අධ්‍යක්ෂණය ජනප‍්‍රිය නිවේදකයකු වන නුවන් ලියනගේ ගෙනි.