ලාහුගල ඓතිහාසික නීලගිරි සෑයේ කැනීම් වලින් සොයා ගත් සර්වඥ ධාතුන් වහන්සේලා ලාහුගල මඟුල් මහා විහාරයේදී ඇසළ පොහෝදා වන්දනා කිරීමට සිය දහස් ගණනින් වන්දනාකරුවෝ පැමිණියහ.
ලාහුගල මඟුල් මහා විහාරාධිපති හුලංනුගේ රතනසාර හුලංනුගේ ධර්ම නිකේතනාරාමාධිපති කුරුඳුගොල්ලේ සාරානන්ද,ලාහුගල කිරිවෙහෙර විහාරාධිකාරී ඉඳිගස්ඇල්ලේ පුඤ්ඤසාර හිමි මෙම ධාතු ප්‍රදර්ශනය සංවිධානය කළහ.
පොතුවිල් හි හැඩ ඔයේ සිට කිලෝ මීටර් තුනක් පමණ මහ වන මැද නීල ගිරි සෑයේ නටඹුන් සොයා ගැනුණේ ගිය වසරේදීය.









